View

 ‘සෑම දරුවකුම ඔප කළ යුතු මැණිකකි..’

 ‘சிறார்கள்  அனைவருமே  பட்டை தீட்டினால்  வைரங்களே..’

  ‘EVERY CHILD IS A GEM IN THE ROUGH..’
 – යහපත් අධ්‍යාපනයක් සඳහා වූ සංවිධානය –

 

අපේ දැක්ම :

අනාගත  අභියෝග ජය ගැනීමට සමත්,අභිමානවත් තරුණ පරපුරක් බිහිකරමින්: විශ්ව ගම්මානයේ ශීලාචාර ම මානව පරපුරෙන් සුසැදි ශිෂ්ඨ සම්පන්න ම සමාජය බවට (නැවතත්)ශ්‍රී ලංකාව පත්කරමින් ‘සෙරන්ඩිබ්’ යන ලතින් නාමයේ සැබෑ අරුත (දෙවියන් වැනි මිනිසුන් වසන දේශය) ස්ථාපිත  කිරීම සඳහා උපරිම දායකත්වය ලබා දීම.

අපේ මෙහෙවර :

1971 තරුණ කැරැල්ලේ අතුරු සහ අනිවාර්ය ඵලයක් ලෙස 1972 වසරේ දී උපත ලබා විටින් විට බොහෝ සංවර්ධන අවදීන් පසුකොට, 1998 දී ප්‍රගතිශීලී මානයන් හා මග පෙන්වීම් සහිතව සංස්කරණය කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස හා සංවර්ධනාත්මකව ක්‍රියාවට නංවමින්, ශ්‍රී ලාංකීය අධ්‍යාපන දැක්ම සාක්ෂාත් කරවමින්, සියලු පාර්ශ්වකරුවන් තෘප්තිමත් භාවයට පත්කරවන ගුණාත්මක අධ්‍යාපන සේවාවක් කාර්යක්ෂම ව සැපයීමට අවශ්‍ය පසුබිම සැළසුම් කිරීම.

අපේ අරමුණු :

1. අභිමානවත් තරුණ පරපුරක් :-

දරුවන් සඳහා සඵල ඉගෙනුම්-උගැන්වීම් ක්‍රියාවලියක් ස්ථාපිත කරවීම තුළින්, අභියෝග ජය ගැනීමට සමත් අභිමානවත් තරුණ පරපුරක් ගොඩනැංවීම.

2. කැපවුණු ගුරු පිරිසක් :-

සෑම දරුවකුගේ ම සහජ දක්ෂතා හදුනාගෙන ඊට අදාළව වෘත්තීය දැනුම, විෂය දැනුම හා කුසලතා යොදාගෙන නිර්මාණශීලී ව,දරුවන් වෙනුවෙන් තම කාර්යභාරය ඉටුකිරීමට කැපවුණු ආදර්ශමත් ගුරු පිරිසක් ගොඩනැංවීම.

3. සවිය දෙන පවුල් – ප්‍රජා එකතුවක් :-

මව් කුසේදී ත්, පූර්ව පාසල් අවදියේදී ත්, පාසලේදී ත්, සමාජයේදී ත් දරුවාගේ වර්ධනයට හා ඉගෙනුමට අවශ්‍ය මානසික හා කායික සුරක්ෂිතභාවය සදහා අවබෝධයෙන් කැපවන පවුල් හා ප්‍රජා එකතුවක් ගොඩනැංවීම.

4. සුදුසු අධ්‍යාපන පරිසරයක් :-

සෑම දරුවකුට ම පහසුවෙන් හා සුරක්ෂිත ව ළඟා විය හැකි, සනීපාරක්ෂාව හා මානසික එකාග්‍රතාවයෙන් යුතුව අධ්‍යාපන ක්‍රියාවලියේ ඒ ඒ අවධීන් නිසි ලෙස සම්පුර්ණ කළ හැකි අධ්‍යාපන පරිසරයක් සෑම පාසලක්/පෙර පාසලක් තුළ ම ඇති කරවීම.

5. මනා කළමනාකරණයක් :-

ශ්‍රී ලාංකීය අධ්‍යාපන දැක්ම සාක්ෂාත් කිරීමට අවැසි භෞතික හා මානව සම්පත් සියලු පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව සපුරාගෙන, නිර්මාණශීලී ව මෙන් ම වගකීමෙන්, වගවීමෙන් හා පාරදෘෂ්‍යභාවයෙන් යුතුව එම සම්පත් කළමනාකරණය කරන්නා වූ අධ්‍යාපන ධුරාවලියක් සඳහා පසුබිම සැකසීම.

Leave a comment